අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (6) ලීඩ්ස් හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා. ඔහු දැවී ගියේ ලකුණු 4 ක් ලබා සිටියදීයි.
උස්මාන් කවාජා ලකුණු 13 කට දැවී ගියා. එම කඩුල්ල දවා ගත්තේ මාර්ක් වුඩ් විසින්.
පැයට කිලෝ මීටර් 153 කට ආසන්න වේගයකින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි කවාජා දැවී ගියේ.
එහි දර්ශන පහතින් නරඹන්න –