මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මයාන්ක් යාදව් අද(2) සමත් වුණා.
ඒ, අයි.පී.එල් තරගාවලියේ 15 වැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිවයි.
බැංගලූරු හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් පිලට ලබා දුන් අතර, ඒ අනුව සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181 ක්.
බැංගලූරු පිළිතුරු ඉනිමේ දී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ මයාන්ක් යාදව් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 14 කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දු 17 ක් ද සමගින්.
ඔහුගේ සුපිරි වේගවත් පන්දු හමුවේ දැවී ගියේ ග්ලේන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන් හා රාජත් පටිදර් යන පිතිකරුවන්. (ග්‍රීන්ගේ කඩුල්ල පහතින් නරඹන්න)
ඔහු මෙම තරගයේ දී යොමු කළ එක් පන්දුවක් පැයට කිලෝ මීටර් 156.7 ක වේගයෙන් යොමු කළ අතර, එය මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙකු මෙතෙක් යොමු කළ වේගවත්ම පන්දුව වීම ද විශේෂත්වයක්.
𝙎𝙃𝙀𝙀𝙍 𝙋𝘼𝘾𝙀! 🔥🔥
Mayank Yadav with an absolute ripper to dismiss Cameron Green 👏
Head to @JioCinema and @StarSportsIndia to watch the match LIVE#TATAIPL | #RCBvLSG pic.twitter.com/sMDrfmlZim
— IndianPremierLeague (@IPL) April 2, 2024