Watch : සාකරියාගේ පන්දුවක් හමුවේ ෆින්ච්ගේ පිට ඉන්න විසි වූ හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය අද(28) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයෙන්ම දවා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ප්‍රහාරාත්මක පිතිකරු ආරෝන් ෆින්ච් ලකුණු 3(7) කට දවා ගනිමින්.

දිල්ලි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චේතන් සාකරියා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ.

Comments (0)
Add Comment