සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා අනතුරකට මුහුණ දුන්නා.
පන්දු රකිමින් සිටින අතරතුර දී කිලෝ ග්‍රෑම් 315 ක බරින් යුත් ස්පයිඩර් කැමරාව (spider cam) ඔහුගේ ශරීරයේ ගැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වුණේ.
ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී 176 ක් ලබා සිටි අවස්ථාවේ දී, එනම් ඉනිමේ 47 වැනි පන්දුවාරය අවසන් වීමත් සමග මෙම අනතුර සිදු වුණා.
අනතුර සිදු වූ අවස්ථාවේ දී නොකියා බිම ඇද වැටුණු නමුත්, ඉන් ඔහුට දැඩි හානියක් සිදු වූයේ නැහැ.
එම අවස්ථාවේ දී වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුව පරීක්ෂාවකට ද ලක් කරනු ලැබුවා. (දර්ශන පහතින් නරඹන්න)
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළ අතර, දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියා.
Who said cricket isn’t a contact sport?
South African player Anrich Nortje hit by the aerial camera at the #BoxingDayTest
Meanwhile Warner has his century & Australia only two wickets down and 2 runs away from SA’s first innings total (Warner on 115 & Smith on 39) pic.twitter.com/ZafPYIJPue
— The Sage (@SarkySage) December 27, 2022
[…] – Source – […]