Watch : සමාන් දැවී ගිය ප්‍රමෝද්ගේ සුපිරි යෝකර් පන්දුව මෙන්න

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් අද(14) සමත් වුණා.

කසුන් රාජිත වෙනුවට කණ්ඩායමට පැමිණි ප්‍රමෝද් යෝකර් පන්දුවක් යොමු කරමිනුයි පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ෆකාර් සමාන් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 4 ක් පමණයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කර කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Comments (0)
Add Comment