හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය අද(27) පස්වරුවේ රායිපූර්හී දී ආරම්භ වුණා.
ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.
ජයසූරියට මෙවර තරගාවලියේ දී පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් උදා වූ පළමු අවස්ථාව මෙයයි.
මෙම ඉනිමේ දී සනත් ජයසූරිය පන්දු 25 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 36 ක්. එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.
53 හැවිරිදි ඔහු මෙම තරගයේ දී එල්ල කළ පහරවල් මෙරට පමණක් නොව ලොව පුරා සියලු ප්‍රේක්ෂකයින්ට යළි අතීතය සිහිපත් කරවීමට සමත් වුණා.