2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(24) සමත් වුණා.
Gros Islet හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 41 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 92 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ.