සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(10) පෙරවරුවේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා ජොෂ් පිලිපී පළමු කඩුල්ලට පන්දුවාර 9.1ක් තුළ වේගවත් ලකුණු 83ක් රැස් කළා.
පිලිපී ලකුණු 34(25)කට දැවී ගිය අතර, හෙඩ් පන්දු 86කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්.
ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් ඇතුළත්.
ඔහු දැවී ගියේ සහන් ආරච්චිගේ යොමු කළ පන්දුවක් හමුවේ ඕෂද ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.
කණ්ඩායම් දෙක අතර පැවැති පළමු එක්දින තරගයෙන් ජය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු A කණ්ඩායමයි.
— cric fun (@cric12222) June 10, 2022