බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (County Championship Division Two) 28 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට Yorkshire ප්‍රාන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.
Northampton හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Northamptonshire කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Yorkshire කණ්ඩායම ලකුණු 362 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස Northamptonshire කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 301 ක්.
එහිදී විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 19 ක් යොමු කරමින් ලකුණු 48 කට කඩුලු 4 ක් දවා ගත්තා.
Yorkshire කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියදීයි. ඒ, Northamptonshire කණ්ඩායමට ජයග්‍රහනය සදහා ලකුණු 326 ක ඉලක්කයක් ලබා දෙමින්.
තරගයේ සිව්වැනි හා අවසන් දිනය ඊයේ(27) නිමා වන විට Northamptonshire කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියා. ඒ අනුව තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.
දෙවැනි ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 10 ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 26 කට කඩුල්ලක් බිද හෙලුවා.
විශ්ව ප්‍රානාන්දු දවා ගත් කඩුලු පහේ දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) May 28, 2024