Watch : විරාත් කෝලි දවා ගන්න රහානේ හා රවීන්ද්‍ර රැක ගත් සුපිරි උඩ පන්දුව

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(22) රාත්‍රී අටට චෙන්නායි හී දී ආරම්භ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බැංග‍ලූරු කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාත් කෝලි දවා ගැනීම සදහා විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට අජින්කෙයා රහානේ හා රචින් රවීන්ද්‍ර සමත් වීම කැපී පෙනුණා.

හතරේ සීමාව ආසන්නයේ දී රහානේ විසින් පළමුව උඩ පන්දුව රැක ගත් අතර, අනතුරුව ඔහු හතරේ සීමාව දෙසට ලිස්සා යාමේ දී පන්දුව රවීන්ද්‍ර වෙතට විසි කරනු ලැබුවා.

එහිදී රවීන්ද්‍ර විසින් පහසුවෙන්ම උඩ පන්දුව රැක ගනිමින් බැංගලූරු කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස කෝලි ලකුණු 21 කට දවා ගැනීමට මුස්ටර්ෆිසුර් රහ්මාන්ට අවස්ථාව ලබා දුන්නා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment