Watch : විරාත් කෝලි ඔස්ට්‍රේලියානු නායකයාට ගොදුරු වූ හැටි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 54 ක් ලබා සිටියදී සුපිරි පිතිකරු විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අද සමත් වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවේ සිව්වැනි කඩුල්ල ලෙසයි කෝලි දැවී ගියේ.

කමින්ස් යොමු කළ පන්දුවක් පිත්තේ වැදී කඩුල්ලේ වැදීම හේතුවෙන් කෝලි මෙලෙස දැවී ගියා.

එම කඩුල්ල දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 148 ක් ලෙසයි.

කෝලි දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Comments (0)
Add Comment