Watch : වනිදුගේ පළමු පන්දුවටම මැතිව් ශෝර්ට් ගොදුරු වූ හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි කඩුල්ල බිද හෙලීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකාවේ වනිදු හසරංග අද(20) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ අද පස්වරුවේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

මොහාලි හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.

විරාට් කෝලි ලකුණු 59 ක් හා ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 84 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 31 කට කඩුලු 2ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං හා නේදන් ඇලිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පංජාබ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලෙස මැතිව් ශෝර්ට් ලකුණු 8කට දැවී ගියා.

ඒ, වනිදු හසරංග මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවම කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. පංජාබ් ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී යි එම කඩුල්ල බිද වැටුණේ.

big 3
Comments (0)
Add Comment