Watch : වනිදුගේ පන්දුවක් හමුවේ දසුන්ට කඩුල්ල අහිමි වූ හැටි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි 20 ලීගය යටතේ අද පැවැති තරගයකදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ පිතිකරු දසුන් ශානකගේ කඩුල්ල දවා ගැනීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

කොලින් මන්රෝ ලකුණු 40 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් වයිපර්ස් කණ්ඩායම ලකුණු 12 ක ජයක් තහවුරු කර ගත්තා.

යුසුෆ් පතාන් නොදැවී ලකුණු 35 ක් ද, රොව්මන් පවෙල් නොදැවී ලකුණු 34 ක් ද රැස් කළා.

දසුන් ශානක ලකුණු 24 කට දැවී ගියේ වනිදු හසරංග යොමු කළ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

වනිදු මෙම ඉනිමේ දී ලකුණු 28 කට එක් කඩුල්ලක් දවා ගත් අතර, මතිෂ පතිරණ පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

Comments (0)
Add Comment