2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක Sybrand Engelbrecht අද(13) සමත් වුණා.
Kingstown හි Arnos Vale ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී බංග්ලාදේශ අංක 3 පිතිකරු ලිටොන් දාස් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි ලිටොන් දාස් දැවී ගියේ.
දැවී යන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණයි. Aryan Dutt යොමු කළ පන්දුවක් හමුවේයි ලිටොන් දාස් දැවී ගියේ.
දර්ශන පහතින් –