ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද(9) පස්වරුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
චෙන්නායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස රොබින් උතාපා ලකුණු 15කට දැවී ගියා.
රුටුරාජ් ගයික්වඩ් ලකුණු 16ක් ලබා සිටියදී දවා ගැනීමට ටී නටරාජන් සමත් වුණා.
ඒ, විශිෂ්ඨ අන්දමින් පිතිකරුවා තුළට දෝලනය කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
දර්ශන පහතින් –