Watch : රාජස්ථාන් ප්‍රහාරාත්මක පිතිකරුවා තීක්ෂණට ගොදුරු වූ හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේදී ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද (27) සමත් වුණා.

ජායිපූර්හී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේදී චෙන්නයි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා ගනිමින්.

මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර හතර තුළ දී ලකුණු 24 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ රාජස්ථාන් මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරු ශිම්රන් හෙට්මයර්. තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලකුණු 8ක් ලබා සිටියා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment