Watch : රහානේගේ කඩුල්ල වනිදුට ගොදුරු වූ හැටි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර අයි.පී.එල් තරගාවලියේ සිය දෙවැනි කඩුල්ල දවා ගැනීමට අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ 24 වැනි තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු අජින්කෙයා රහානේගේ කඩුල්ල දවා ගනිමින්.

බැංගලූරුහී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව සුපර් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 83 ක් හා ශිවම් ඩූබේ ලකුණු 52 ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා.

රහානේ ලකුණු 37 ක් ලබා සිටියදී යි වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියේ.

වනිදු පන්දුවාර 2ක් පමණක් යොමු කර එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 21 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

වනිදු හසරංග දවා ගත් කඩුල්ල පහතින් නරඹන්න –

Comments (0)
Add Comment