අද(2) ආරම්භ වූ ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සමත් වුණා.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන පිලේ අංක 3 පිතිකරු රහ්මට් ශාහ් දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
දැවී යන විට රහ්මට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 91 ක්. ඒ අනුව ඔහුට ලකුණු 9කින් සිය දෙවැනි ටෙස්ට් ශතකය අද අහිමි වී ගියා.
ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි රහ්මට් ශාහ් දැවී ගියේ. ඒ වන විට ඇෆ්ඝනිස්තාන ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 5කට ලකුණු 155 ක් ලෙසයි.
තේ පානය සදහා තරගය නතර කරන විට ඇෆ්ඝනිස්තානය කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 168 ක්.