මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය අද(4) රාත්‍රියේ දී පූනේ හී දී ආරම්භ වුණා.
ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.
බැංගලෝර් ඉනිම ආරම්භ කළේ විරාට් කෝලි සමගින් නායක ෆෆ් ඩු ප්ලෙසිස්.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩු ප්ලෙසිස් ලකුණු 38කට දැවී ගියේ මුළු ලකුණු ප්‍රමාණය 62ක් ලෙස සටහන්ව තිබියදීයි.
ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 3කට දුවද්දී දැවී ගියා.
අනතුරුව විරාට් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට මොයීන් අලී සමත් වුණා.
ඒ, ඔහු යොමු කළ සුපිරි පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.
එම පන්දුව මෙවර තරගාවලියේ දී දග පන්දු යවන්නෙකු යොමු කළ විශිෂ්ඨතම පන්දු අතරින් එක් පන්දුවක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැහැ.
එහි දර්ශන පහතින් නරඹන්න –