ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් අද(19) සමත් වුණා.
දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.
සධීර සමරවික්‍රම ලකුණු 51(42) ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42(22) ක්.
හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් මැතිව්ස්ගේ ඉනිම වර්ණවත් කළා. ඔහු ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී යි අස්මතුල්ලාහ් ඔමර්සායිට එරෙහිව පිට පිට හයේ පහර තුනක් එල්ල කළේ. (දර්ශන පහතින්)
— cric sl (@cricslvideo) February 19, 2024