Watch : මහ්මුදුල්ලාහ් දැවී ගිය බුම්රාගේ අති විශිෂ්ඨ යෝකර් පන්දුව

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(19) සමත් වුණා.

පූනේ හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඉන්දියාවේ ප්‍රතිවාදීන් වුයේ බංග්ලාදේශයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස් කරමින්.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලිටොන් දාස් ලකුණු 66 ක් ලබා ගත් අතර, තන්සිඩ් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 46 යි.

මහ්මුදුල්ලාහ්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි බුම්රා විසින් සුපිරි යෝකර් පන්දුවක් යොමු කළේ. (දර්ශන පහතින්)

Comments (0)
Add Comment