Watch: මදුෂංකගේ සුපිරි පන්දුවක් හමුවේ ගුර්බාස් ලකුණු නොලබා දැවී ගිය හැටි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(30) සමත් වුණා.

පූනේ හී දී ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 46 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම ගුර්බාස් දැවී ගියේ මදුෂංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දැවී යන විට ඔහු කිසිදු ලකුණක් රැස් කර තිබුණේ නැහැ. (දර්ශන පහතින්)

Comments (0)
Add Comment