මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ඊයේ (30) නිමා වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.
ලක්නව් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.
මෙම තරගයේ දී ලක්නව් පිල වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමි කර ගත් මයාන්ක් යාදව් පිළිබද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගනිමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඔහු පන්දු යැවූ වේගය ද ඉතා ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනුණා.
ඔහු යොමු කළ එක් පන්දුවක් පැයට කිලෝ මීටර් 155.8 ක වේගයෙන් යොමු කර තිබුණා. (දර්ශන කිහිපයක් පහතින්)
The unreal speed of 155.8 on his debut day.
MAYANK YADAV 🔥 pic.twitter.com/h4QUq5H3Lu
— _𝘚𝘏𝘈𝘋𝘠𝘠𝘠𝘈𝘏𝘐𝘙𝘙 (@TheAHIR_) March 31, 2024
𝗦𝗽𝗲𝗲𝗱𝗼𝗺𝗲𝘁𝗲𝗿 goes 🔥
𝟭𝟱𝟱.𝟴 𝗸𝗺𝘀/𝗵𝗿 by Mayank Yadav 🥵
Relishing the raw and exciting pace of the debutant who now has 2️⃣ wickets to his name 🫡#PBKS require 71 from 36 delivers
Watch the match LIVE on @JioCinema and @StarSportsIndia 💻📱#TATAIPL |… pic.twitter.com/rELovBTYMz
— IndianPremierLeague (@IPL) March 30, 2024