Watch : බට්ලර්ගේ කඩුල්ල බිද දැමූ සුපිරි පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය අද(10) රාත්‍රියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ලක්නව් කණ්ඩායම වෙනුවෙන් යළිත් දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ඒ, ශිම්රන් හෙට්මයර් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු 59න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීරට කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද, ඔහු සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 22ක් පමණයි.

මෙම ඉනිමේ දී ජොස් බට්ලර් දැවී ගිය ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ලකුණු 13(11)ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ අවේශ් ඛාන් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

Comments (0)
Add Comment