ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොංහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(31).
දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියා.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 59 ක් ලබා සිටියදීයි. යළිත් පිත්තෙන් සාර්ථක වූ නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් ලබා සිටියදී දැවී ගියා.
අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයින් අතින් ගිලිහී යාම කැපී පෙනුණා. එම උඩ පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයින් තිදෙනෙකු උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැහැ.
දර්ශන පහතින්-
— cric sl (@cricslvideo) March 31, 2024