Watch : බංග්ලාදේශය අසරණ කළ මුජීබ්ගේ සුපිරි පන්දු යැවීම

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය මෙරට වේලාවෙන් අද(30) රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට බංග්ලාදේශ මුල් පෙල පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගනිමින්.

මොසඩැක් හොසේන් නොදැවී ලකුණු 48 (31) ක් හා මහ්මුදුල්ලාහ් ලකුණු 25(27) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුජිබ් උර් රහ්මාන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රෂීඩ් ඛාන් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Comments (0)
Add Comment