Watch : පිත්තෙන් දස්කම් දැක් වූ කමිදු, පන්දු යවා ශකිබ්ගේ කඩුල්ල දවා ගත් හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)

අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ 5 වැනි කඩුල්ල දවා ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වීම කැපී පෙනුණා.

බංග්ලාදේශ ඉනිමේ ප්‍රබල කඩුල්ලක් වන ශකිබ් අල් හසාන්ගේ කඩුල්ලයි ඔහු විසින් මෙලෙස දවා ගත්තේ.

දැවී යන විට ශකිබ් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 36 ක්. එම කඩුල්ල දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 193 ක් ලෙසයි.

ශකිබ් හා ලිටොන් දාස් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 61 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබූ පසුබිමකයි එම සම්බන්ධතාවය බිද දැමීමට කමිදු සමත් වුණේ.

Comments (0)
Add Comment