ඉන්දියාව හා නවසීලන්තය අතර අද ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තෙවන විනිසුරු විසින් ලබා දුන් මතභේදාත්මක තීරණයක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයින්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස මතභේදාත්මක තීරණයක් හමුවේ දැවී ගියේ ඉන්දීය පිතිකරු හර්ඩික් පාන්ඩ්යා.
තරගය හයිදරාබාද් හී දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබා ගත්තේ ෂුබ්මන් ගිල් රැස් කළ ලකුණු 208 න් ශක්තිමත් වෙමින්.
ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස පාන්ඩ්යා දැවී ගියේ ලකුණු 28 ක් ලබා සිටියදීයි.
ඩැරල් මිචෙල් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගිය නමුත්, එම දැවී යාම මතභේදයට තුඩු දුන්නේ පන්දුව කඩුල්ලේ වැදුණේ ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.
කඩුලු රකින්නාගේ අත් ආවරණ ද කඩුල්ල ආසන්නයේ ම රැදී තිබූ අතර, බොහෝ දෙනෙකු මෙම අවස්ථාව නොදැවුණු අවස්ථාවක් ලෙස අනුමාන කළේ කඩුලු රකින්නාගේ අත් ආවරණ කඩුල්ලේ වැදුණු බවට නිගමනය කරමින්.
කෙසේ වෙතත්, තෙවන විනිසුරු විසින් තීරණය කළේ එම අවස්ථාව දැවී යාමක් ලෙසයි. (දර්ශන පහතින්)
— CricDaily24 (@cricday96) January 18, 2023
[…] – Source – […]