Watch : පාකිස්තානයට එරෙහිව චමරි වාර්තා කළ සුපිරි ශතකය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද(5) සිය 6 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළා.

ඒ, පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ දී යි.

කරච්චි හී දී අද පෙරවරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ, නායිකා චමරි අතපත්තු පන්දු 85කින් වාර්තා කළ ලකුණු 101 න් ශක්තිමත් වෙමින්.

චමරිගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13ක් ඇතුළත්.

Comments (0)
Add Comment