Watch : පස්වැනි දිනයේ පළමු කඩුල්ලත් කමිදුට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි.(3)

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස තයිජුල් ඉස්ලාම් දැවී ගියා.

ලකුණු 14 ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ කමිදු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ නිශාන් මදුෂ්ක අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 281 ක් ලෙසයි.

එම කඩුල්ල කමිදු මෙන්ඩිස් විසින් මෙම ඉනිමේ දී දවා ගත් තෙවැනි කඩුල්ලයි.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment