Watch : පන්දුව නිදැල්ලේ යැවූ රූට්ට වුණ දේ

එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරග සංචාරය අද (08) මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ඇන්ටිගා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නෑහෑ.

මුළු ලකුණු පුවරුව 48 ක්ව තිබියදී එංගලන්තයේ කඩුලු 4 ක් දවා ගැනීමට කොදෙව්වන් සමත්වුණා.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 28 හැවිරිදි ඇලෙක්ස් ලීස් හට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 4 ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 8 කටත්, ඩෑන් ලෝරන්ස් ලකුණු 20 කටත් දැවී ගියා.

සුපිරි පිතිකරු ජෝ රූට්ට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 13 ක් පමණයි. ඔහු දැවී ගියේ කෙමාර් රෝච් යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

Comments (0)
Add Comment