මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 තරගය අද(29) රාත්‍රියේ දී පූනේ හී දි ආරම්භ වුණා.
ඒ, දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ
ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.
ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 46ක් හා දීපක් හූදා ලකුණු 34ක් රැස් කළා.
දුෂ්මන්ත චමීර හයේ පහර දෙකක් සමගින් පන්දු 10කින් ලකුණු 17ක් රැස් කළා.(දර්ශන පහතින්)
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 38කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණ.