2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී අනර්ඝ රිවර්ස් ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කිරීමට නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් අද(8) සමත් වුණා.
නිව් යෝර්ක් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී නෙදර්ලන්තයේ ප්‍රතිවාදීන් වූයේ දකුණු අප්‍රිකාවයි.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 103 ක් ලබා ගනිමින්.
ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 10 කට දුවද්දී දැවී ගිය නමුත්, ඔහු දැවී යාමට පෙර පන්දුවේ දී අන්රික් නොකියාට එරෙහිව එල්ල කළ අලංකාර රිවර්ස් ස්කූප් පහර ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.
දර්ශන පහතින් –