මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(21) සමත් වුණා.
ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 91 ක් තුළ බිද වැටුණා.
6 වැනි කඩුල්ල ලෙස නායක එඩ්වර්ඩ්ස් දැවී ගියේ තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 16 ක් පමණයි.
එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –