ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර අදින් (17) ආරම්භ වුණා.
කොළඹ අදියර ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කන්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දඹුලු ඉනිම අතරතුර දී ගාලු කණ්ඩායමේ නුවන් ප්‍රදීප් හා ලක්ෂාන් සදකැන් පන්දු රකිමින් සිටියදී එකිනෙකා ගැටීමක් සිදු වූ අතර, එහිදී ක්‍රීඩකයින් දෙදෙනාම යම් වේදානාවකින් පසු වනු දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, වාසනාවකට මෙන් ක්‍රීඩකයින් දෙදෙනාට දැඩි අනතුරක් සිදුව නොතිබූ අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාම යළි ක්‍රීඩාංගනය වෙත පිවිසුණා.
එම අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –
[…] – Source – […]