එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගනිමින්.
කඩුලු 5කට දකුණු අප්‍රිකාව ලකුණු 77 ක් ලබා දැඩි අසීරු තත්ත්වයකට ඇද වැටී සිටින අතර, ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මේ දක්වා පත්ව ඇත්තේ කීගන් පීටර්සන්.
ඔහු ලකුණු 21 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් වූ Sarel Erwee ලකුණු 3කටත්, ඩීන් එල්ගර් ලකුණු 12කටත් දැවී ගියා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 14 යි. රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 16ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන් එක් කඩුල්ලක් බිද හෙලුවා.
මේ අතර, ජනවාරි මාසයෙන් පසුව පළමු වරට එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ඔලී රොබින්සන්ට කඩුල්ලක් දවා ගැනීමට තිබූ අනගි අවස්ථාවක් අද අහිමි වී ගියා.
ඒ, ඩීන් එල්ගර් උඩ පන්දුවක් ලබා දී දැවී ගිය ද, රොබින්සන් විසින් අදාළ පන්දුව නිපන්දුවක් ලෙස යොමු කිරීම හේතුවෙනුයි.
එහිදී ඔලී පෝප් විසින් රැක ගත් උඩ පන්දුව ද අති විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් වීම ද කැපී පෙනුණා.
— cric fun (@cric12222) August 25, 2022