Watch : නායක ශන්තෝ දැවී ගිය කුමාරගේ අනර්ඝ පන්දුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)

අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල දවා ගැනීම සදහා අනර්ඝ පන්දුවක් යොමු කිරීමට ලහිරු කුමාර සමත් වුණා.

එහිදී පිට ඉන්නේ පන්දුව කෙළින්ම වැදීම හේතුවෙන් දැවී ගියේ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්තෝ. (දර්ශන පහතින්)

ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20 ක්. බංග්ලාදේශ කණ්ඩායමේ තෙවැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ 94 ක් ලෙසයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Watch : මැද ඉන්න ගැලවූ ප්‍රභාත්ගේ පන්දුව

Comments (0)
Add Comment