Watch : ධනංජය ද සිල්වා තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද (5) දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනිමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ස්ලිප් කලාපයේ සිට එක් අතකින් ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කායිස් අහ්මඩ් දවා ගැනීම සදහායි.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251 ක්.

දිනය ආරම්භ කරන විට ඇෆ්ඝනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන්ගේ කඩුලු 6ක් අද පෙරවරු සැසියේ දී ලකුණු 52 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඇෆ්ඝනිස්තානය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවූයේ ලකුණු 10 ක් පමණයි.

Comments (0)
Add Comment