Watch : දුර්වල පහරකින් ධනංජයගේ ඉනිම නැවතුණ හැටි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි(10).

ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අද ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305 ක්.

දිනයේ දෙවැනි පන්දුවාරයෙන්ම ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල දවා ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ, ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා දැවී යාමත් සමගයි.

පිට ඉන්නෙන් පිටතට දෝලනය වෙමින් ඇදී ගිය පන්දුවකට හඹා ගොස් පහරක් එල්ල කිරීමට යාමේ දී පිත්තේ යන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලෙස ඇදී යාමෙනුයි ධනංජයට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

ඔහු දැවී යන විට පන්දු 59 කින් ලකුණු 46 ක් ලබා සිටියා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ධනංජයගේ ඉනිමට ඇතුළත්.

ධනංජය දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 316 ක් ලෙසයි.(එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න)

Comments (0)
Add Comment