Watch : ජොන්සන් හා නික් එක්ව රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් තරගාවලියේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට Wellington කණ්ඩායමේ Troy Johnson හා Nick Kelly අද (13) සමත් වුණා.

Central Districts කණ්ඩායමේ විල් යන්ග් දවා ගැනීම සදහායි ඔවුන් දෙදෙනා මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දැවී යන විට විල් යන්ග් ලබා ගෙන සිටියේ ලකුණු 7ක් පමණයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Wellington කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Central Districts කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව Central Districts කණ්ඩායමට මෙම තරගයෙන් කඩුලු හයක ජයක් හිමි වුණා.

Comments (0)
Add Comment