Watch : ජයසූරියගේ පන්දුවකට ට්‍රැවිස් හෙඩ් දැවී ගිය හැටි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට පැවැත්වෙනවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් මේ වන විට ශතක දෙකක් වාර්තා වී තිබෙනවා.

මර්නස් ලබුෂේන් ලකුණු 104ක් රැස් කිරීමට සමත් වූ අතර, ස්ටීවන් ස්මිත් ද සිය 28 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ ප්‍රභාත් ජයසූරියගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමිනුයි මර්නස් ලබුෂේන් දැවී ගියේ.

ප්‍රභාත් යොමු කළ පන්දුවක් හමුවේ ම ට්‍රැවිස් හෙඩ් ද දැවී ගියා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ට්‍රැවිස් හෙඩ් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment