Watch : කෝලි හා ඩ්‍රාවිඩ් සුරංගට සුබ පැතූ අයුරු

ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් අද(13) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සිය අවසන් පන්දුවාරය යොමු කළා.

ඒ, ඉන්දියාව සමග බැංගලූරුහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

මෙම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වුවත්, පළමු ඉනිමේ දී එක් කඩුල්ලක් දවා ගැනීමට ලක්මාල් සමත් වුණා.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දුන්නේ ටෙස්ට් තරග 70කදී කඩුලු 171ක් දවා ගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහුට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ඉන්දීය ඉනිම අත්හිටුවීමෙන් පසුව සුරංග ලක්මාල්ට ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි හා පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සුබ පතන අයුරු ද දක්නට ලැබුණා.

Comments (0)
Add Comment