සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(14) Chattogram හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 48 දී බිද වැටුණා.
ෂුබ්මන් ගිල් ලකුණු 20 කට දැවී ගිය අතර, නායක කේ එල් රාහුල් ලකුණු 22 ක් රැස් කළා. විරාට් කෝලි පන්දු 5 කින් වාර්තා කළේ එක් ලකුණක් පමණයි.
කෝලි දැවී ගියේ ටයිජුල් ඉස්ලාම් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්. (දර්ශන පහතින් නරඹන්න)
මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Zakir Hasan ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
කුල්දීප් යාදව්, ආර් අශ්වින් හා අක්සාර් පටෙල් යන දග පන්දු යවන්නන් තිදෙනා මෙම තරගය සදහා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
Back to back wicket for bangladesh..
Virat Kohli was only 99 runs away from the century 🥲🥲#ViratKohli𓃵 #ViratKohli #indvsbang #INDvBAN #klrahul #TestCricket pic.twitter.com/smsRJhC4xL— Nikesh Gohite🇮🇳 (@nikesh_gohite) December 14, 2022
[…] – Source – […]