Watch : කොදෙව්වන් අසරණ කළ තීක්ෂණගේ කඩුලු 4

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 29 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(7) සමත් වුණා.

හරාරේ හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 36 දී බිද වැටුණා. ඒ, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 10 කට දවා ගැනීමට තීක්ෂණ සමත් වීමත් සමගයි.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ශමාර් බෘක්ස් ලකුණු දෙකකට දැවී ගියේ ද මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේයි.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ෂේයි හෝප් ලකුණු 2කට දැවී ගියා. එම කඩුල්ලේ ද හිමිකරු වූයේ තීක්ෂණයි.

මහීෂ් තීක්ෂණගේ සිව්වැනි කඩුල්ල ලෙස රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 26 කට දැවී ගියා.

Comments (0)
Add Comment