Watch : කවාජා බින්දුවට දවා ගත් සිරාජ්ගේ පන්දුව

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(7) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල සිව්වැනි පන්දුවාරයේ දී බිද හෙලීමට මොහමඩ් සිරාජ් සමත් වුණා.

උස්මාන් කවාජා ලකුණු නොලබා සිටියදී එලෙස දැවී ගියේ සිරාජ් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කේ එස් භාරත් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

Comments (0)
Add Comment