Watch : කඩුලු පහෙන් පසු ක්‍රීඩක විවේකාගාරයේ දී ඉමාඩ් වසීම් දුම් පානය කළ හැටි

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර දී ක්‍රීඩක විවේකාගාරය තුළ දුම් පානය කරන අයුරු සජීවීව විකාශය වීමත් සමග ඒ පිළිබද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවක් දක්නට ලැබෙනවා.

ඊට අදාළ වීඩියෝව මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතින අයුරු දැකිය හැකියි.

කරච්චි හී දී පැවැති අවසන් මහා තරගයෙන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක ජයක් වාර්තා කළ යුනයිටඩ් කණ්ඩායම මෙවර PSL ශූරතාවය දිනා ගත් අතර, අවසන් තරගයේ දී යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඉමාඩ් වසීම් සමත් වුණා.

පන්දු යැවීමේ දී කඩුලු 5 ක් දවා ගත් ඔහු අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේ රැදී සිටියදී යි දුම් පානය කරන ආකාරය දැක ගත හැකි වු‍ණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment