Watch : ඕෂදගේ අවාසනාවන්ත දැවී යාම

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි(9).

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ අනුව නායක ටිම් සවුති තීරණය කළේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

තරගය ක්‍රයිස්චර්ච් නුවර හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර යන වේග පන්දු යවන්නන් තිදෙනා ක්‍රීඩා කරනු ලබනවා.

නවසීලන්තය වෙනුවෙන් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු ක්‍රීඩා කරන අතර, ඒ අනුව ටිම් සවුති, මැට් හෙන්රි, නෙයිල් වෑග්නර් හා බ්ලෙයාර් ටික්නර් කණ්ඩායමට ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 14 කට සීමා කරමින් ඕෂද ප්‍රනාන්දු ලකුණු 13(31) කට දැවී ගියා.(දර්ශන පහතින් නරඹන්න) ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක :

Sri Lanka XI : Oshada Fernando, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella(w), Kasun Rajitha, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara

New Zealand XI: Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell(w), Michael Bracewell, Tim Southee(c), Matt Henry, Neil Wagner, Blair Tickner

Comments (0)
Add Comment