Watch : ඔලුවටම වැදුණ උඩ පන්දුව

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(3) පැවැති 25 වැනි තරගයේ දී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩර්සි ශෝර්ට් අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, එම උඩ පන්දුව ඔහුට ගිලිහී යාමත් සමග ඔහුගේ හිසේ පන්දුව තදින් වැදීම හේතුවෙන්.

මෙම තරගයේ දී ඇඩිලේඩ් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමයි.

පර්ත් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.

පර්ත් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී යි ඩර්සි ශෝර්ට් අතින් අදාළ උඩ පන්දු ගිලිහී ගියේ.

Comments (0)
Add Comment