Watch : එන්ගිඩීගේ සුපිරි පන්දු යැවීම හමුවේ ප්‍රබල ඉන්දීය කඩුලු 4ක් දැවී ගිය හැටි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය අද(30) පස්වරුවේ පර්ත් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත පර්ත් තණතීරුවේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133 ක්.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 49 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සූර්යකුමාර් යාදව් පන්දු 40 කින් ලකුණු 68 ක් වාර්තා කරමින් ඉන්දීය පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. වේන් පාර්නෙල් ලකුණු 15 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.