2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(6) සමත් වුණා.
මෙම සුවිශේෂී පන්දු යැවීම හේතුවෙන් දඹුල්ලේ පැවැති අදාළ තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ද කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.
කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී මතීෂ විසින් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කමිදු මෙන්ඩිස්, දසුන් ශානක හා වනිදු හසරංග යන පිතිකරුවන්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 6, 2024